දකුණු පළාතේ පාසල්වල විදුහල්පති තනතුරේ පුරප්පාඩු 323ක් පවතින බවට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
විදුහල්පතිවරුන් 1523 දෙනෙකු සිටිය යුතු වුවත් දැනට සිටින්නේ විදුහල්පතිවරුන් 978 දෙනෙකු බව ද ආණ්ඩුකාරවරයා පෙන්වා දෙන ලදි.
ඒ අනුව මෙම පාසල්වල විදුහල්පති තනතුරු සඳහා වැඩබලන විදුහල්පතිවරුන් පත්කොට ඇති බව සදහන්.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ශ්‍රේණිධාරි විදුහල්පතිවරුන් පත්කොට පළාත් සභාව වෙත මුදාහැරියහොත් විදුහල්පති පුරප්පාඩුව ඇති පාසල් සඳහා එම විදුහල්පතිවරුන් පත්කළ හැකි බවට ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා වැඩිදුරටත් සදහන් කර තිබේ.