ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඒ අනුව අද (23) පෙරවරුව වනවිට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඩීසල් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ තිස්තුන්දහස් නවසිය තිස් හයකුත් , සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් හයදහස් එකසිය අනූ දෙකකුත් , ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් තිස්පන්දහස් හාරසිය දෙකකුත් , ඔක්ටේන් අනූපහ වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් පන්දහස් තුන්සිය හැටහතකුත් පවතින බව එම ට්විටර් ගිණුමේ සටහන් කර තිබූ බව සඳහන් .