මෙරට පැවති අයහපත් වාතාවරණයත් සමග අධ්‍යාපන කටයුතු වලට සිදු වු බාධාවන් නිසා අඩාල වී තිබූ අධ්‍යාපන කටයුතු නැවත කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාමේ අරමුණින් නිවාඩු කාලයක් නොදී ඊළග පාසල් වාරය ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ .
ඒ අනුව රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වල පළමු වාරය ජුලි 21 වැනි සිකුරාදායින් අවසන් වී 24 වැනි සදුදා යින් නැවත ආරම්භ වේ.