හැත්තෑහය වැනි නිදහස් දිනය ලබන ඉරුදිනට යෙදී තිබුණ ද ඊට පසු දින එනම් ලබන සදුදා (5) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් නොකරන බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා අද (2) පැවසූ බව වාර්තා වේ.
ඒ අනුව ලබන සඳුදා දිනයේ සියලුම රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ද යසරත්න මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.