සංචාරක කර්මාන්තය දියුණු කරනවා කියලා හෝටල් විවෘත කරලා කතාවල් පවත්වලා වැඩක් නෑ – විජිත හේරත්.

රජය සහ මහ බැංකුව එක්ව සංචාරක ක්ෂේත්‍රය ගොඩනැංවීම සඳහා සහන වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් , අධික බැංකු පොලිය ගෙවා ගන්නට බැරිව සංචාරක ක්ෂේත්‍රය  කඩා වැටී තිබෙන බවත්  ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම රටට ජාතික සංචාරක ප්‍රතිපත්තියක් නොමැති බවත්  ,  සංචාරක කර්මාන්තය දියුණු කරනවා කියන්නේ හෝටලයක් විවෘත කර එතැනදී කතාවක් පැවැත්වීම නොවන බවත් ඔහු සඳහන් කරන ලදී.

වැඩි දුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කරන ලද්දේ  සංචාරක කර්මාන්තයේ කඩාවැටීමට හේතුව රටේ පාලකයන් බවයි.

Exit mobile version