මාතර – රත්නපුර මාර්ගයේත් නායයෑමක්.

මාතර – රත්නපුර මාර්ගයේ (A17 ) 85 සැතපුම් කණුව ‘අනිල් කන්ද’ ස්ථානයේ නායයෑමක් සිදුවී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා අවහිරවී ඇති බව වාර්තා වෙයි.

මාර්ගයට පස්, ගල් සහ ගස් කඩාවැටී ඇති බව සදහන්.

මාර්ග සංවර්ධන අධිකාරිය මාර්ගය යථා තත්ත්වයට පත් කරමින් සිටින බව වාර්තා වේ.

එම මාර්ගයේ ගමන්ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග ලෙස කෑල්ල හංදිය, සුරීයකන්ද හරහා ඌරුබොක්ක දක්වා ගොස් මාතරට ගමන් කළ හැකි බවද වැඩිදුරටත් දැනුම්දී තිබේ.

Exit mobile version