අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී උසස් පෙළ හැදෑරීම සඳහා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින මාස 3 ක කාලය තුළ දී එම සිසුන්ට තම පාසලේ දීම වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාවක් සලසා දීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමා හා සහතිකපත් ප්රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම එම සිසුන් උසස් පෙළ හැදෑරීම සිදු නොකළද සිය වෘත්තීය ජීවිතය පිළිබඳ යම් සාක්ෂරතාවක් ලබා ගත හැකි බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.