වටදාගෙයත් පුපුරවන්න හදලා.

විවිධාකාර ආරක්ෂක නිලධාරීන් රැසක් සිටියදීත් පොළොන්නරුව වටදාගේ නැගෙනහිර දොරටුව අසල යාන්ත්‍රික ග්‍රිල් වැනි නවීන මැෂින් යොදා ගනිමින් පුරාණ ගල් කීප තැනකින් විඳ පුපුරා හැරීමට උත්සාහ කර ඇතැයි පුරා වස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති . උඩස්ගිරියේ සමිත හිමියෝ සඳහන් කළහ.

කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් හෝ නිදන් හොරු කණ්ඩායමක් වටදාගෙය පුපුරවා හැරීමට උත්සාහ ගෙන ඇති බව සැක කරන බව ද උන්වහන්සේ කීහ.

වටදාගේ ආරක්ෂාවට, පොලිස් නිලධාරින්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් ,පුරාවිද්‍යා නිලධාරීන් මෙන්ම සිවිල් ආරක්ෂක නිලධාරීන් ද යොදවා සිටියදී මෙසේ ඓතිහාසික ස්ථාන විනාශ වී යාමට ඉඩ හැරීම බලවත් වරදක් බව ද සමිත හිමියෝ පැවසූහ.

විශාල පිරිසක් වටදාගෙයි ආරක්ෂාවට සිටියත් ඔවුන් ආරක්ෂාව ලබා දීමට අසමත් වී ඇතැයිද මේ සම්බන්ධව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා හා පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාද දැනුවත් කරන ලද බවද සමිත හිමියෝ කීහ.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වහාම මේ නිදන් හොරුන් අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවද තම සංවිධානයේ ඉල්ලීම නොසලකා හැරියොත් එහි ප්‍රතිඵල මීට වැඩිය භයානක විය හැකියැයිද කී සමිත හිමියෝ ඓතිහාසික පොළොන්නරු රාජධානියේ දළදා මළුවේ ඇති වටදාගෙය අපේ රටේ වටදාගෙවල් අතර කලාත්මක වටදාගේ වශයෙන් හැඳින්වෙන බව ද අවධාරණය කළහ.

(Kubiyonews.com)

Exit mobile version