කපා කොටා මරා දමනවා – පො.කො. හට මරණ තර්ජන.

පොලිස් කොස්තාපල්වරයකු හට කපා කොටා මරා දමන බවට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු  විසින් තර්ජනය කොට ඇති බව වාර්තා වේ.

 අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සැකකරුට විරුද්ධව විභාග වන මත්ද්‍රව්‍ය නඩුවක සාක්කි දීමට පැමිණ සිටියදී මෙම පොලිස් කොස්තාපල් වරයා හට සැකකරු විසින් නඩුව අවසානයේ අධිකරණයෙන් පිටව යන මොහොතේ  තර්ජනය කල බව පවසා නිට්ටඹුව මූලස්ථාන පොලිසියට පැමිණිලි කොට ඇති බව සදහන් කරයි.

ඒ අනුව නිට්ටඹුව පොලිසිය මගින් සැකකරු සොයා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බව පොලිසිය සදහන් කරයි.

Exit mobile version