පමුණුගම දෑලතුර ඇලබැම්ම ප්‍රදේශයේදී පුද්ගලයින් තිදෙනකුට තියුණු ආයුධවලින් පහරදී ඔවුන්ගේ මුදල් හා දේපළ කොල්ලකා ඇති බව වාර්තා වේ.
අන්තර්ජාලය ඔස්සේ පළ කර තිබු වෙළෙඳ දැන්වීමක් අනුව යතුරුපැදියක් මිලදී ගැනීම සඳහා ලොරි රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකුට අදාළ පහරදීම සිදුකර ඇති බවට පොලීසිය පවසා තිබේ.
මාර්ගයේ සැඟව සිටි පුද්ගලයින් සිව්දෙනෙකු විසින් මෙම පහරදීම සිදුකර රුපියල් 132,000ක මුදලක්, ජංගම දුරකථන 5ක්, රන්මාලයක් සහ අත්පළඳනාවක් කොල්ලකා පළාගොස් ඇති බව සදහන්.
පහරකෑමෙන් තුවාල ලැබූවන් රාගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර කොල්ලකෑම සිදුකළ සැකකරුවන් පමුණුගම පොලීසිය විසින් හඳුනාගෙන ඇති බවට පොලිස් මුලස්ථානය පවසයි.