නිවසක් කොල්ලකෑ 07ක් අල්ලයි.

සිද්ධමුල්ල සුමග මාවතේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී  නිවැසියන්ට සහ දේපළවලට පහරදී  ඔවුන් පලවා හැරීමට උත්සාහ දරා රුපියල් ලක්ෂ පහකට ආසන්න රන් භාණ්ඩ  සහ මුදල් කොල්ලකෑ  හත්දෙනෙකුගෙන්  යුත් පිරිසක් අත්අඩංගුවට ගත් බවට කැස්බෑව පොලිසිය පවසා ඇති බව වාර්තා වේ.

එම පිරිස අතර මවක් සහ පුතෙකු වන බවට පොලිසිය කියයි.

ඔවුන් එම ස්ථානයට පැමිණීමට යොදාගත් මෝටර් රථයක් සහ තීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.

එම මැර පිරිස පහරදීමෙන් නිවසේ වහලයේ සහ නිවසේ දේපළවලට  රුපියල් ලක්ෂ ගණනාවක අලාභයක් වී තිබූ බවට පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Exit mobile version