පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභාවට එන්නේ නවකතා පොත් හා පත්තර කියවීමට, දුරකතන සංවාදවල යෙදීමට නොවන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) ප්‍රකාශ කල බව වාර්තා වේ .
එමෙන්ම ඔහු සඳහන් කළේ පාර්ලිමේන්තු රීතිය අනුගමනය නොකරන පිරිස් දෙපැත්තේම සිටින බවත් , පාර්ලිමේන්තුව තුළ අවම ශික්ෂණය පවත්වාගෙන යෑමට මන්ත්‍රීවරුන්ට වගකීමක් තිබෙන බවත් , ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පැමිණි බව කියමින් සමහරුන් උදෑසනට මැතිසබයේ කරන්නේ කුමක් දැයි තමාට ප්‍රහේලිකාවක් බවත් ය.