පොලීසියට වෙඩි තියන්න ගිහින් බඩුත් එක්ක මාට්ටු.

ස්වයංක්‍රීය ගිනිඅවියකින් පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට තැත් කළ පුද්ගලයකු බොරලැස්ගමුව බෝධිරාජපුර ප්‍රදේශයේ දී ජීව උණ්ඩ 3 ක් සමගින් ඊයේ (29) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .

වාර්තා වන ආකාරයට බොරලස්ගමුව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දල්පදාතු ඇතුළු කණ්ඩායමක් අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටියදී පොලීසිය දැක පලා යාමට තැත් කළ පුද්ගලයෙකු පරික්ෂා කිරීමට සැරසුණු අවස්ථාවේදී සැකකරු සතුව තිබූ මෙම ගිනි අවිය පොලිස් නිලධාරීන් දෙසට එල්ල කර තිබේ . එම අවස්ථාවේදී දැඩි පරිශ්‍රමයක් දරා පොලිස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .

අත්අඩංගුවට ගත් සැකකරු තවදුරටත් සෝදිසි කිරීමේදී සැකකරු හැඳ සිටි ඇඳුමේ සඟවාගෙන සිටි හෙරොයින් ග්‍රෑම් 18 ග්‍රෑම් 18 යි මිලිග්‍රෑම් 200 ක්ද හමු වී තිබෙන බව සඳහන් .

Exit mobile version