මේක රහසිගත නිර්වින්දනයක්. – ජී.එල් .පීරිස්

දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් ජනතාවගේ දෛනික ජීවිතයට බලපෑම් ඇති කළ හැකි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ ,දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණයට තරයේ විරෝධය පළ කරන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජී.එල්.පීරිස් මහතා,

“දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරලා ඒක සම්මත කරගැනීමට අදහස් කරනවා ඉරිදා. අපි මොකද්ද මේ කරන්න හදන්නේ. මේ අතිශය රහසිගත නිර්වින්දනයක්. රට, බැංකු පද්ධතිය, කොටස් වෙළෙඳපොළ සියල්ලම නිර්වින්දනය කරලා. මේ නොනගත කාලය පාවිච්චි කරමින් මහා විනාශයක් කරන්න බලාපොරොත්තු වෙනවා රටට රටේ අවධාරණය යොමු නොවන අවස්ථාවක. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම දෛනික ජීවිතයට බලපානවා. කම්කටොලු 100 ගුණයක් වැඩිවෙනවා. ඒ ගැන දැනගැනීමට, ඒ පිළිබඳ සංවාදයක නිරතවීමට අපේ රටේ ජනතාවට පුර්ණ අයිතියක් තියෙනවා. අපි පාර්ලිමේන්තුවේ මේකට විරුද්ධව ප්‍රබල හඬක් නඟනවා. මේකට විරුද්ධව ඡන්දේ දෙනවා අනිවාර්යයෙන්ම.”

Exit mobile version