මහ රෝහලට ආ බාහිර රෝගිහූ දහස් ගණනක් හරවා යවති.

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයෙහි තෙවැනි මහලේ පවතින රසායනාගාරයේ වායුසමීකරණ පද්ධතිය නඩත්තු නොකිරීම නිසා රෝගීන් ආපසු හරවා යැවීමට එහි පාලනාධිකාරිය කටයුතු කර ඇති බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ වායුසමීකරණ පද්ධතියේ ගෑස් කාන්දුවක් නිසා මෙම ගැටලුව උද්ගතව ඇති බවයි.

එහි නඩත්තු කටයුතු සිදුකරන චීන සමාගම පසුගිය දිනවල එහි නඩත්තු කටයුතු සිදුකළද ගෑස් කාන්දුව එලෙසම පවතින බවට වෛද්‍යවරයාට දන්වා තිබේ.

ඒ අනුව ඔහු පැවසුවේ වායුසමීකරණ පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමට දින දෙකක් ලබාදෙන්නැයි චීන සමාගම ඉල්ලා සිටි බවයි.

Exit mobile version