කෝටි හයකට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු යාල රක්ෂිතයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
යුද හමුදා බුද්ධි අංශය ලබා දුන් තොරතුරක් මත පොලීසිය සහ යුද හමුදාව එක් ව සිදු කළ වැටලීමක දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවට යුද හමුදා මාධ්‍ය ඒකකය පවසයි.
එහි දී අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගංජා කිලෝ ග්‍රෑම් 1,570ක් සහ මෙරට නිශ්පාදිත ගිනි අවියක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.
යාල වන රක්ෂිතයේ සුහන්දිරම්ආරු ප්‍රදේශයේ පහසුවෙන් ළඟා වීමට නොහැකි කිලෝ මීටර් 08ක් පමණ දුරින් වු අක්කර 4 2/1ක භූමි ප්‍රදේශයක ගංජා වගාව පවත්වාගෙන යමින් මෙම ජාවාරම සිදු කර ඇති බව ද සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ගෝනගංආර පොලීසිය මඟින් සිදු කරන බවට යුද හමුදා මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කර තිබේ.