හොරෙන් ඩීසල් ඇද්ද සභා සේවකයන් තුනක් මාට්ටු.

හල්දුම්මුල්ල ප්‍රාදේශීය  සභාවේ ට්‍රැක්ටර් රථයකින් ඩීසල් සොරකම් කළ බව කියන  ප්‍රාදේශීය සභාවේ සුලු  සේවකයින් තිදෙනෙකු අද(21)  සැකපිට  අත්අඩංගුවට ගත් බවට හල්දුම්මුල්ල පොලිසිය පවසා තිබේ.

 හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ ලේකම් උපුල් යාපා මහතා හල්දුම්මුල්ල පොලීසියට කළ  පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් පසුව  සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ සවි කර ඇති සී.සී.ටී.වී.දර්ශන පරීක්ෂාවට ලක් කළ පොලීසිය සභාවේ සේවය කරන සනීපාරක්ෂක කම්කරුවෙකු, මුරකරු,සහ තවත් සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

Exit mobile version