රත්නපුර ශික්ෂණ මහ රෝහල , ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහල සහ තැලිගම දිස්ත්‍රික් රෝහල යන රෝහල් සඳහා පවතින අටකෝටි හැටතුන් ලක්ෂ හයදහස් හාරසිය දොළහක හිඟ විදුලි බිල්පත් 14 වන දිනට පෙරාතුව නොගෙව්වහොත් එම රෝහල්වල විදුලිය විසන්ධි කිරීමට කටයුතු කරන බව දන්වා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත විදුලිබල මණ්ඩලය විසින් ෆැක්ස් පණිවුඩයක් යවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව රත්නපුර මහ රෝහලේ විදුලි ගිණුම් අංක හයකින් විදුලිය සපයා ඇති බවත් , එම විදුලි ගිණුම් හයේම විදුලි බිල ගෙවා නොමැති බවත් , එම රෝහලේ හිඟ විදුලි ගාස්තුව රුපියල් හයකෝටි හැටහත් ලක්ෂ හැටනවදහස් පන්සිය තිස් පහක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යැවූ ලිපියේ දක්වා තිබේ.
එමෙන්ම ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලේ හිඟ විදුලි ගාස්තුව රුපියල් එක්කෝටි අනූලක්ෂ එකලොස් දහස් හයසිය අනූ හතරක් බවත් , තැලිගම දිස්ත්‍රික් රෝහලේ හිඟ විදුලි ගාස්තුව රුපියල් පන්ලක්ෂ විසිපන්දහස් එකසිය අසූ හතරක් බවත් , නමුත් රෝහල්වල විදුලිය අවශ්‍යතාව සැලකිල්ලට ගෙන විදුලිය විසන්ධි නොකළ බවත් එම ලිපියේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.