යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන් තිදෙනෙක් ඊයේ (25) සිට ක්‍රියාත්මක වන පරිදි මහාචාර්ය පදවියට උසස් වීම් ලබා ඇති බව වාර්තා වේ.
ඒ අනුව කෘෂිකර්ම ජීව විද්‍යා අංශයේ ප්‍රධානී , කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය , ආචාර්ය කේ.භගීරතන් මහතා කෘෂිකර්ම ජීව විද්‍යා අංශයේ මහාචාර්යවරයා ලෙසත් , ඉංජිනේරු පීඨයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික අංශ ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එම්.කේ.අඛිලන් මහතා විදුලි හා ඉලෙක්ට්‍රොනික අංශයේ මහාචාර්යවරයා ලෙසත් , හින්දු අධ්‍යන පීඨයේ හින්දු ශිෂ්ටාචාරයේ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විග්නේශ්වරී භවනේසන් මහත්මිය හින්දු ශිෂ්ටාචාර අංශයේ මහාචාර්යවරයා ලෙසත් මෙලෙස උසස් වීම් ලබා ඇති බව සඳහන් වේ.