කැබිතිගොල්ලෑව ප්රදේශයේ රාජකාරි ගමනක් ගොස් නැවත හොරොව්පොතාන දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් A-29 මාර්ගයේ කිවුලකඩවල ප්රදේශයේදී අනතුරට ලක් වූ බව වාර්තා වේ.
ඊයේ (30) රාත්රී 9.55 ට පමණ මෝටර් රථය ගවයින් දෙදෙනෙකුගේ ගැටී පසුව බෝක්කුවක ගැටී රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් අනතුර සිදු වී තිබේ.
මෝටර් රථයේ පුද්ගලයින් තිදෙනෙකු ගමන් කර ඇති අතර ඉන් 22 හැවිරිදි තරුණයෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අලුත්වත්ත,මරදන්කඩවල පදිංචි 09 වන ගැමුණු හේවා බලකාය 582 බලසේනා මූලස්ථානය බගවත්ත හොරණ යුද හමුදා කදවුරේ සේවය කළ 33 හැවිරිදි සෙබළෙකු හා නිකවැව හොරොව්පොතාන ලිපිනයෙහි පදිංචි සදරු ප්රභාෂණ නැමැති 19 හැවිරිදි තරුණයෙකි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු වන උදයංග බණ්ඩාර නැමැත්තා වැඩිදුර ප්රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බව සදහන්.