කොළඹ නගරයේ සුපිරි වෙළඳසැල් හා නිවාසවල සවිකර තිබෙන වායු සමීකරණ යන්ත්රවල කොටස් ගලවා සොරා ගෙන යාමට පුරුදුව සිටි තිදෙනෙකුගෙන් යුත් කල්ලියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
ඔවුන්ව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් තිබූ බව සඳහන් .
එමෙන්ම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව වායු සමීකරණ යන්ත්ර 15 ක් , ඒවා ගැලවීම සඳහා භාවිතා කරන උපකරණ තොගයක් , ත්රීරෝද රථයක් සහ හෙරොයින් ග්රෑම් 10ක් පොලිස් භාරයට ගෙන තිබේ.
පොලීසිය පවසන්නේ මාලිගාවත්ත ප්රදේශයේ සුපිරි වෙළඳසැල් දෙකක වායු සමීකරන සොරා ගැනීමේ සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කරමින් සිටියදී මාලිගාවත්ත ප්රදේශයේදී හෙරොයින් ග්රෑම් 10 සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් ලද තොරතුරකට අනුව වායු සමීකරන සොරාගැනීමේ මහා පරිමාණ ජාවාරමක සුලමුල අනාවරණය කර ගැනීමට හැකි වූ බවයි.