‘ඉරි තුනේ නිවේදනය ‘.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් ලබන බදාදා (24) පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වීම අනිවාර්ය කර ඇති බව සදහන්.

ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී ඇති බවට වාර්තා වේ.

මෙම සැසිවාරයට සහභාගි වීමට නොහැකි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඒ සදහා නිදහසට කාරණා ඉදිරිපත් කළ යුතු බව සදහන්.

පාර්ලිමේන්තු සභා වාරයට අනිවාර්යයෙන් සහභාගි වීම සදහා නිකුත් කරනු ලැබූ නිවේදනය ‘ඉරි තුනේ නිවේදනය’ ලෙස හදුන්වා තිබේ.

Exit mobile version