18%ක වැට් බද්ද පැනවීමෙන් පසු පෙට්‍රල් මිල ඉහළ ගියහොත් ලබන මස ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දමන බවට සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය පවසා ඇති බව වාර්තා වේ.
එහි සභාපති ලලිත් ධර්මසේකර අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ ජනවාරියේ සිට වැඩිවන ඉන්ධන මිලට අනුව පළමු කිලෝමීටරයට ගාස්තු වැඩි කරන බවයි.
පසුගිය අවස්ථාවලදී රජය පෙට්‍රල් මිල වැඩි කළ අවස්ථා වලදී ගාස්තු සංශෝධනයක් කිරීමට කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත් නමුත් වැට් බදු ගැලපීම සමඟ ගාස්තු වැඩි කිරීමක් සඳහා යොමු වන බවටද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.