එක්ස්ප්රස් පර්ල් නෞකාවේ වන්දි ලබා ගැනීමේ ක්රියාවලිය සම්බන්ධයෙන් වන විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී ආරම්භ වී ඇති අතර ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී තරුණ සංගමය සහ පරිසරවේදීන් පිරිසක් පවත්වන විරෝධතාවක් හේතුවෙන් පර්ලිමේන්තුව අවට ආරක්ෂාව දැඩි කර ඇති බව වාර්තා වේ.
එක්ස්ප්රස් පර්ල් නෞකාවෙන් සිඳු වූ හානියට අදාළ වන්දි ලබා ගැනීම සඳහා මෙරට අධිකරණයේදී නඩු පවරන්න යැයි ඉල්ලමින් සහ වන්දි ලබා ගැනීම ප්රමාද කළ අයට දඬුවම් කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව පවත්වන බව සඳහන්.