ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා හෙළි කිරීමෙන් පසු ඔහුගේ ජීවිතයට විවිධ තර්ජන එල්ල වෙමින් පවතින හෙයින් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන ලෙස බුද්ධි අංශ රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් රජයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ රොෂාන් රණසිංහ මහතාගේ ආරක්ෂාව දැනටමත් වැඩි කර ඇති බවයි.
තමාට විවිධ තර්ජන ඇති බවට රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා ප්‍රකාශ කර තිබේ.
ඔහුගේ ගමන් බෑගයට ඩුබායිහිදී මත්ද්‍රව්‍ය පාර්සලක් දැමීමට දැරූ උත්සාහයක් ගැනද ඔහු එහිදී හෙළි කළේය.