පළිබෝධනාශක පනත සංශෝධනයට.

කෘෂිකාර්ම අමාත්‍යාංශය විසින්, පළිබෝධනාශක පාලන පනත ඉක්මනින්ම සංශෝධනයට පියවර ගන්නාලෙස පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා හට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව වාර්තාවේ.

ඒ දැනට රටතුල නීති විරෝධී, ප්‍රමිතියෙන් තොර වල්නාශක හා පළිබෝධනාශක ජාවාරමක් ඇති හේතුවෙන් බව වාර්තාවේ.

එම ජාවාරම් කරුවන් හට රුපියල් ලක්ෂ 15 ක දඩයක් හෝ වසර 3 ක අවම සිර දඩුවමට යටත් කිරීම, හෝ එම දඩුවම් දෙකම ලබාදීමට හැකි පරිදි එම පනත සංශෝදනය කරන ලෙසයි කෘෂිකර්ම ඇමතිවරයා අදාළ නිලධාරීන් හට  උපදෙස් ලබාදී ඇත්තේ.

Exit mobile version