නිකිනි පුර පසළොස්වක පොහොය දිනය අදයි.

ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවකට මුල් වූ නිකිනි පුර පසළොස්වක පොහොය දිනය අදට (30) යෙදී ඇති බව වාර්තා වේ.
 
ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීම, ආනන්ද හිමි රහත්භාවයට පත්වීම, පෙරවස් මඟහැරී ගිය භික්ෂූන් වහන්සේ පසුවස් එළැඹෙන දිනය නිකිනි පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇති බවට ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

එමෙන්ම බුදුරදුන්ගේ ලලාටධාතු නිධන් කර සේරුවිල දාගැබ තැනවීම ආරම්භ කිරීම, පුරාතන අරියවංස දේශනා උත්සවය සිදුකිරීම ආදී කරුණු නිකිනි පොහොය දිනයේ සිදුවු වැදගත් සිදුවීම් අතර මුලික වේ.

Exit mobile version