කතරගම ඇසළ පෙරහැර මංගල්‍යය ඊයේ (19) දින ආරම්භ වූ අතර එහි දෙවන දිනය අදයි (20).
එමෙන්ම යාපනයේ සිට සෙල්ලකතරගම දක්වා වාර්ෂිකව සිදු කරනු ලබන පාද යාත්‍රාව සඳහා සහභාගී වන බැතිමතුන් හට කුමන ජාතික වනෝද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේ දී අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා නාවික හමුදාව විසින් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර මෙහිදී බැතිමතුන් සඳහා වෛද්‍ය පහසුකම් , ජීවිතාරක්ෂක සේවාවන් ඇතුළු අනෙකුත් සේවාවන් ලබා දීමට කටයුතු කරන බව වාර්තා වේ.