ලෝක අමද්‍යප දිනය අදට (03) යෙදී ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් මෙරට සියලු සුරාසැල් අද දිනයේ වසා තබන බවට සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ලෝක අමද්‍යප දිනය වාර්ෂිකව ඔක්තෝම්බර් මස 03 වන දින සමරනු ලබන්නේ අමද්‍යප ව්‍යාපාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ මධ්‍යස්ථභාවය දිරිගැන්වීම සහ මධ්‍යසාර පාන භාවිතයෙන් සම්පූර්ණයෙන් ම වැළකී සිටීමයි.
මේ අතර මෙරට පුද්ගලයින් 50 දෙනෙකු පමණ මධ්‍යසාර භාවිතය හේතුවෙන් දිනකට මිය යන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සදහන් කර තිබේ.