2023 වසරේදී මෙරටට සංචාරකයින් 1,487,303ක් පැමිණ ඇති බවට ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසා ඇති බව වාර්තා වේ
ඉන් 210,352ක් පැමිණ ඇත්තේ දෙසැම්බර් මාසය තුළදීය.
2023 නොවැම්බර් මාසයේදී සංචාරකයින් 151,496ක් ශ්රී ලංකාවට පැමිණ තිබේ.
2022 වසරේදී සංචාරකයින් 719,978ක් මෙරටට පැමිණයේය.
ඒ අනුව 2022ට සාපේක්ෂව 2023 වසරේදී මෙරටට පැමිණි සංචාරකයින් ගණනේ වර්ධනය 106.6%කි.