ජීවන බර 75%කින් අඩු කරන බවට වෙළෙඳ ඇමති කියයි.

ජනතාව මත පැටවී තිබෙන බර මේ වසරේ අප්‍රේල් මාසය වන විටදී 75%කින් පමණ අඩුකිරීමට අවස්ථාව ලැබෙන බවට වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලීන් ප්‍රනාන්දු පැවසූ බව වාර්තා වේ.

‘ස්ථාවර රටකට සැවොම එක මගකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (03 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පවසා තිබේ.

මෙම වසරේ අප්‍රේල් මාසය වන විටදී රජයේ ඉලක්ක සපුරා ගත හැකි ආකාරයට සැලසුම් සකස් කර තිබෙන බවත් වසරේ මුල් කාර්තුවෙන් පසුව ජනතාවට සහන ලැබෙන තත්ත්වයක් පවතින බවත් ඔහු සදහන් කළේය.

බදු අය කරනු ලබන්නේ රටට මිස බදු අය කරනු ලබන නිලධාරීන්ට හෝ දේශපාලඥයන්ට නොවන බවද ඔහු පැවසීය.

තවද සමස්ත භාණ්ඩ මිලෙහි ඇත්තේ බදු පමණක් නොවන බව කී ඇමැතිවරයා බදු සම්බන්ධයෙන් අධ්‍යයනයක් නොකර කතා කිරීමෙන් අතරමැදි සියලු වෙළෙන්දන් බඩු මිල වැඩි කරන බවද පැවසීය.

Exit mobile version