රාජ්‍ය ව්‍යවසායන් 07ක රජය සතු කොටස් අයිතිය පැවරීමට අනුමැතිය හිමිවූ බව මුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කල බවට වාර්තා වේ.
එම නම් පහතින් දැක්වෙයි.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඇතුළු ශ්‍රී ලන්කන් කේටරින් සමාගම
ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී
සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම ( කොළඹ – ග්‍රැන්ඩ් හයට්)
හොටෙල් සංවර්ධන ලංකා සමාගම (කොළඹ හිල්ටන් හෝටලය)
සී/ස ලිට්රෝ ගෑස් පර්යන්ත (පුද්) සමාගම ඇතුලු ලිට්රෝ ගෑස් ලංකා සමාගම
ලංකා හොස්පිටල් සංස්ථා පී. එල්. සී.
රාජ්‍ය ව්‍යවසාය ප්රතිව්යූහකරණ ඒකකය විසින් ඉහත සමාගම්වලට ගණුදෙනුකාර උපදේශන සේවාවන් හා කොටස් අයිතිය පැවරීමේ කටයුතු සදහා සහායවීමට පිළිගත් සහ පළපුරුදු සුදුසුකම් ඇති උපදේශන සමාගම් හෝ සංවර්ධන මූල්‍ය ආයතනයන් පත් කරගනු ලැබීම කෙටිකලකින්ම සිදු කිරීමට නියමිත බවට නිවේදනය කර තිබේ.