මහජන මුදලින් වැටුප් ලබමින්, මහජනතාව යහමග යැවිය යුතු, මහජන සාමය උදෙසා කටයුතු කළ යුතු පොලිස් නිලදාරීන්ටද, වරදක් කළ විට ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධ චෝදනා ගොනු කළ යුතුය. ඊට අමතරව ආයතන සංග්‍රහය යටතේ හෝ පොලිස් පරිපාලන නීතිය යටතේ ද කටයුතු කළ යුතුය.
පවතින නීතිය එසේ වූවත්, විවිධ චෝදනාවලට ලක්ව සිටි, රක්වාන පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව එවැනි නීතියක් ක්‍රියාත්මක නොකර, ඔහුගේ ගම වන වැලිමඩට ආසන්න බණ්ඩාරවෙල පොලිස් ස්ථානයට සාමාන්‍ය රාජකාරි ලෙස ස්ථානමාරු කිරීමට පමණක් කටයුතු කර තිබේ.