අද (13) ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 160 , 000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබූ අතර එම භාණ්ඩාගාර බිල්පත් සඳහා රුපියල් මිලියන 194 , 890 ක ලංසු ඉදිරිපත් වී තිබූ බව වාර්තා වේ.
ඒ අනුව එහිදී රුපියල් මිලියන 99 , 660 ක ලංසු පමණක් පිළිගෙන තිබූ අතර දින 91 ක භාණ්ඩාගාර බිල්පත් වල පොලී අනුපාතිකය 17.79 % සිට 19.08% දක්වාත් , දින 182 ක භාණ්ඩාගාර බිල්පත් වල පොලී අනුපාතිකය 15.93 % සිට 16.95 % දක්වාත් , දින 364 භාණ්ඩාගාර බිල්පත් වන පොලී අනුපාතිකය 13.86 % සිට 14.04 % දක්වාත් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව නිවේදනය කර තිබේ.