කහල්ල පල්ලෙකැලේ අභය භූමියේ සැරිසරන වයස අවුරුදු 45ක පමණ වන අලියෙකු දිගු කලක් තිස්සේ රෝගී භාවයෙන් පෙළුණු බැවින් නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය නිලධාරින් පිරිසක් එක්ව ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
උස අඩි 9ක් පමණ වන මෙම අලියා මළපහ කිරීමට නොහැකිව සිටි බව සදහන්.
ඒ අනුව අලියා නිර්වින්දනය කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දී නැවත අලියා සිහි ගැන්වීමට එම වනජීවි නිලධාරින් පිරිස සමත්ව තිබේ.