න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳ වන ගිවිසුමට අත්සන් තැබීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වේ.
න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට අත්සන් තැබීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට 2021 දෙසැම්බර් 20 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබූ අතර ඒ අනුව මේ මස නිව්යෝක් හී දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සභා රැස්වීමට සමගාමීව පවත්වනු ලබන උත්සවයේ දී එම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතව තිබේ.