ගෝත්‍රික ගැටුම් ජීවිත රැසක් අහිමි කරයි.

පැපුවා නිව්ගිනියා රාජ්‍යය තුළ දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

ඒ හේතුවෙන් ගෙවුණු සති අන්තයේදී පුද්ගලයින් 64 දෙනෙකු වෙඩි වැදී ඝාතනයට ලක්ව ඇති බව වාර්තා විය.

ඒ පැපුවා නිව්ගිනි රාජ්‍යයේ කඳුකර කලාපයක ගෝත්‍රික කණ්ඩායම් අතර සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් බවට වැඩිදුරටත් සඳහන් වේ.

ගෙවුණු සති අන්තය තුළ එන්ගා ප්‍රාන්තයේ සිදුවූ මෙම ප්‍රචණ්ඩක්‍රියා සඳහා ගෝත්‍රික කණ්ඩායම් 17ක් පමණ සම්බන්ධ බවට විදෙස් මාධ්‍ය පවසයි.

ගෝත්‍රික කණ්ඩායම් මෙලෙස සටන් වදින්නේ ඉඩම් සහ ධනය බෙදාගැනීමේ අපේක්ෂාවෙනි.

ගෙවුණු වසරේ ජූලි මාසයේදී ද මෙහි ගැටුම් උග්‍ර වූ අතර ඒ හේතුවෙන් මාස තුනක් කලාපය මුළුමනින්ම වසාදැමීමට බලධාරීන් කටයුතු කර තිබේ.

Exit mobile version