ත්‍රීකුණාමලය ෆ්‍රෙඩ්‍රික් බලකොටුව දෙස් විදෙස් සංචාරකයින්ට විවෘතයි.

ත්‍රීකුණාමලය ෆ්‍රෙඩ්‍රික් බලකොටුව අද (19) සිට දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹීම සඳහා අවස්ථාව ලබා දී තිබෙන බව වාර්තා වේ .

ඒ සඳහා සංචාරක ප්‍රවේශ පත්‍රයක් ද නිකුත් කර ඇති බව බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කර තිබේ .

අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ත්‍රිකුණාමල ව්‍යාපෘතිය මඟින් පසුගිය වසර කිහිපය තුළ මෙම බලකොටුවේ උරුම කළමණාකරණ කටයුතු මහජනතාව විසින් සිදු කළ බවයි.

Exit mobile version