දින හතේ නිවුන්නු විසි පන්දහසකට විකුණන්න හදලා.

ඉපදී දින හතක් ගිය නිවුන් දරුවන් දෙදෙනෙකු මුදලට වික්ක පිලියන්දල ප්‍රදේශයේ තරුණ මවක් සහ රුපියල් 25000 බැගින් මුදල් ලබා දී එම දරුවන්  මිලදී ගෙන තිබු කාන්තාවන් දෙදෙනෙකුද අද (07) උදේ අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

සැකකාරියන් අතරින් නිවුන් දරුවන්ගේ තරුණ මව සහ එක් දරුවෙක් මිළදී ගත් කාන්තාවක් රාගම ප්‍රදේශයේදීත් අනෙක් දරුවා මිළදී ගත් කාන්තාව කැළණිය පෙදසේදීත් අත් අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි.

රාගම ප්‍රදේශයේ නිවසක මෙහෙකාර වෘත්තියේ යෙදී සිටි අදාල මව මීට සතියකට ඉහත කොළඹ කාසල් මාතෘ රොහලේදී නිවුන් දරු ප්‍රසුතිය කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.

Exit mobile version