Thread ට එරෙහිව twitter නීති මගට.

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් අලුතින් දියත් කළ ට්විටර් ගිණුමට සමාන ත්‍රෙඩ්ස් යෙදවුමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ට්විටර් හිමිකරු ඊලෝන් මස්ක් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මෙම යෙදවුමේ තමන්ට අයත් ට්විටර් යෙදවුමේ විශේෂාංගවලට සමාන විශේෂාංග රැසක් අඩංගු බවත් ටිවිටර් සමාගමෙන් ඉවත් වූ සේවකයින් යොදා ගනිමින් සකබර්ග් මෙම යෙදවුම සකස් කර ඇති බවට ඊලෝන් මස්ක් චෝදනා කර ඇති බව සදහන්.

ඊයේ (06) දියත් කළ ත්‍රෙඩ්ස් යෙදවුමට එක්ව ඇති පරිශීලකයන් සංඛ්‍යාව මේ වන විට මිලියන 30 ඉක්මවා තිබීම විශේෂත්වයකි.

Exit mobile version