ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර භාවිතා කරමින් නෙදර්ලන්තය වෙත යෑමට උත්සාහ කළ ඉන්දීය ජාතික කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
ඔවුන් දෙදෙනා පසුගිය ජුනි මස 26 වනදා සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇත.
43 සහ 39 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ජාතික සැකකරු හා සැකකාරිය වැඩිදුර විමර්ශන සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.