අද (06) උදෑසන හබරණ – ත්රිකුණාමලය මාර්ගයේ සිංහගම ප්රදේශයේ දී සිදු වූ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
ත්රිකුණාමලය දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ලිස්සා ගොස් අනෙක් දෙසට ධාවනය වෙමින් තිබූ ප්රයිම් මූවර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන අතර වෑන් රථයේ රියදුරු එහි ගමන් ගත් කාන්තාවක් සහ තවත් අයෙක් මෙන්ම ප්රයිම් මූවර් රථයේ රියදුරා සහ සහයකයා මෙම අනතුරින් බරපතළ තුවාල ලබා ඇති බව සඳහන්.
තුවාල ලැබූ පිරිස කන්තලේ රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරුව වෑන් රථ රියදුරා සහ එහි ගමන් ගත් කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කින්නියා ප්රදේශයේ පදිංචි 49 සහ 46 හැවිරිදි වියේ පසු වූ අයවලුන් ය.