ශ්‍රී රාවණා ලංකා මාධ්‍ය ජාලයට අයත් වෙබ් අඩවිය ඇතුළු සමාජ මාධ්‍ය ජාලා සියල්ලම ඔස්සේ සජීවී වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
ඉන් එකක් හෙට (03) පොසොන් පෝ දා උදෑසන 6.30 පිටත් වන බදුල්ල දිස්ත්‍රික්කයේ ඓතිහාසික සොරගුණේ කුඩා කතරගම දේවාලය සහිත නින්දගම්වාසී ජනතාව අවුරුදු 45 කට පමණ පසුව පවත්වනු ලබන සුවිශේෂී ආගමික වැඩසටහන උදෑසන 6.30 සිට රාත්‍රී 8.30 දක්වා සජීවීව ලබා දීමට ද නියමිතය. එහිදී උදෑසන 6.30 සිට සීල සමාදානයෙන් ආරම්භ වී සවස දැහැත් ගිලන්පස , රාත්‍රී 7.00 ට පමණ එහි ඉදිව තිබෙන තොරණ් රාජයා විවෘත කිරීම , ඉන් පසුව සොරගුණේ නින්දගමට අයත් ජනතාව සහ දහම් පාසල් දරු දැරියන් විසින් පවත්වනු ලබන භක්ති ගීත ප්‍රසංගය ද ඇතුළත් වන අතර උදෑසන 6.30 සිට රාත්‍රී 8.30 දක්වා නොකඩවා ලබා දීමට නියමිතට.
එම වැඩසටහන අතරතුරට ඓතිහාසික බලංගොඩ නගරයේ ආශ්‍රිතව 99 වැනි වතාවට පවත්වන්නට යෙදෙන මිහිඳු මහා පෙරහැර එහි අවසානය දක්වා සජීවීව ලබා දීමට ද අවශ්‍ය කටයුතු මේ වන විටත් සංවිධානය කර තිබේ.