විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ගැන කතා කරන්න රැස්වීම් දෙකක් .

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීම සඳහා අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සහ ප්‍රධාන ඉංජිනේරුවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමඟ රැස්වීම් දෙකක් පවත්වා තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ පසුගිය 14 වනදා පැවති එම සාකච්ඡාවේදී සේවකයින්ගේ සහ වත්කම් පැවරීමේ සැලසුම් , උත්පාදනය භාරගැනීමට අනුප්‍රාප්තික සමාගම් පිහිටුවීම , සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම පිළිබඳව සාකච්ඡා කළ බවයි .

එමෙන්ම විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ වල ප්‍රගතිය , විදුලිබල ක්ෂේත්‍රය සඳහා යෝජිත ව්‍යුහය , ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලය පිහිටුවීම සහ එහි භූමිකාව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර තිබේ .

Exit mobile version