මුදල් මණ්ඩලයේ දෙදෙනෙක් ඉවතට.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් රාණි ජයමහ මහත්මිය සහ සංජීව ජයවර්ධන මහතා ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

රාණි ජයමහ මහත්මිය සහ සංජීව ජයවර්ධන මහතා වසර ගණනාවක් මුදල් මණ්ඩලය නියෝජනය කළ සාමාජිකයින් වන අතර ශ්‍රී ලංකා මහ බැංකු නව පනත මේ වනවිට බලාත්මක හෙයින් මුදල් මණ්ඩලයට නව සාමාජිකයින් පත්කිරීමට මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

මෙතෙක් මුදල් මණ්ඩලයේ සාමාජිකයින් සංඛ්‍යාව 5 කට සීමා වී තිබූ අතර නව පනත බලාත්මක වීමත් සමග එහි සාමාජිකයින් සංඛ්‍යාව 9 දක්වා වැඩි වී තිබේ.

ඒ අනුව ඉදිරියේදී මුදල් මණ්ඩලයට නව සාමාජිකයින් පිරිසක් පත්වනු ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් වාර්තා කර තිබේ .

Exit mobile version