නීතිවිරෝධී ලෙස කෘමිනාශක තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ .
කල්පිටිය, කරෙයිතිව් හා පල්ලියවත්ත මුහුදු ප්රදේශයන් හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙලෙස සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ .
අදාළ මුහුදු ප්රදේශය ඔස්සේ යාත්රාකරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්රාවක් නිරීක්ෂණය කර පරීක්ෂා කිරීමේ දී උර පහළොවක අසුරන ලද මෙම කෘමිනාශක තොගය සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 43ක් සහ 46ක් වන කල්පිටිය ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු කාර්යාලය වෙත භාරදීමට පියවර ගෙන තිබේ.