දෙදෙනෙකු දියේ ගිලෙයි.

ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ මහවැලි ගඟේ අතු ගංඟාවක ධීවර කටයුතු කරමින් සිටි දෙදෙනෙක් දියේ ගිලී ඇති බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ වයස අවුරුදු 17ක සහ 35ක පුද්ගලයින් දෙදෙනෙක් එසේ දියේ ගිලී ඇති බවයි.       

ධීවර කටයුතු සඳහා භාවිත කළ යාත්‍රාව පෙරළීමෙන් එම අනතුර සිදුව තිබූ බව සදහන්.
 

Exit mobile version