පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය සිදුකළ මෙහෙයුමකදී කොලොන්නාව ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොලොන්නාව සහ දෙමටගොඩ ප්‍රදේශවල පදිංචි 25 හැවිරිදි වියේ පසුවන සැකකරුවන් දෙදෙනෙකි.
එහිදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 500ක් ද සොයාගෙන තිබෙන අතර වැඩිදුර විමර්ශනවලදී අදාළ වෙඩිතැබීම සඳහා පැමිණි යතුරුපැදිය, මන්නා පිහි 02ක්, සෙල්ලම් පිස්තෝලයක්, ජංගම දුරකථන 07ක් සහ හෙල්මට් 02ක් සහ ඔවුන් පැළඳ සිටි ජැකට් ද සොයාගැනීමට පොලීසිය සමත්ව තිබේ.
බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.