මුදල් කොල්ලකෑමට පැමිණි දෙදෙනෙකු අත්අඩංගුවට .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් යැයි පවසමින් රදාවඩුන්න කන්දෙ විහාරයේ විහාරාධිපති හිමියන්ගේ මුදල් කොල්ලකෑමට පැමිණි දෙදෙනෙකු නිට්ටඹු පොලිසිය විසින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් එක් අයෙකු සේවය අතහැර ගිය පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර ඔවුන් සමග ගිය අනෙකුත් දෙදෙනා පළාගොස් ඇති බව සදහන්.

ඔවුන් සොයා නිට්ටඹුව පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබේ.

Exit mobile version