ජාතික රෝහලේ ගලවා තිබූ දොරවල් ඉස්සූ දෙදෙනෙක් අත්අඩංගුවට .

කොළඹ ජාතික රෝහලේ පැරණි බාහිර රෝගී ප්‍රතිකාර ඒකකයේ අලුත්වැඩියාවක් සඳහා ගලවා තිබුණු රුපියල් ලක්ෂ 04කට අධික වටිනාකමක් ඇති ඇලුමිනියම් දොරවල් 07ක් සොරා ගැනීම සම්බන්ධයෙන් මරදාන පොලීසිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන පරිපාලන නිලධාරීන් විසින් මෙම සොරකම සම්බන්ධයෙන් පොලීසිය වෙත පැමිණිලි කර තිබේ .

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් කම්කරුවන් ලෙස සේවයේ නිරතව සිට ඇති බව සඳහන් .

එම සැකකරුවන් අවුරුදු 31 හා 27 යන වයස්වල පසුවන්නන් ය.

පොලීසිය පවසන්නේ සැකකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි .

Exit mobile version